කොමිෂන් සභාව

 

කොමිෂන් සභාවේ සම සභාපති

දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්

පේරාදෙණිය සරසවියෙන් ආර්ථික විද්‍යාව පිළිබඳව කලා උපාධිය හිමිකරගත් මෙතුමා පසුව මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් සිය D.Phil ශාස්ත්‍රවේදී ආචාර්ය උපාධිය ලබාගත්තේය.1994-99 කාල පරිච්චේදයේදී කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ලෙස කටයුතු කළේය. තවද ජනාධිපති බදු කොමිසමේ සභාපති ලෙසද විශාල සේවයක් කළේය. මෙරට විවිධ රාජ්‍ය ආයතන වල තනතුරු දරමින් මෙරට ප්‍රතිපත්ති සම්පාදනයෙහිලා මහගු කාර්යභාරයක් ඉටු කර ඇති මෙතුමාගේ ජාතික මෙහෙවර අගයමින් 2005 වසරේදී දේශමාන්‍ය ගෞරව නාමයෙන්ද කොළඹ විශ්ව විද්‍යාලය මගින් පිරිනැමෙන Doctor of Letters ගොරව උපාධියෙන්ද පිදුම් ලබන ලදී.

 

 

 

 

කොමිෂන් සභාවේ සම සභාපති

ජනාධිපති නිතීඥ පාලිත ප්‍රනාන්දු මැතිතුමා

ශ්‍රී ලංකා නිතී විද්‍යාලයෙන් නීතිවේදීයෙකු ලෙස පළමු පන්තියේ සාමාර්ථයක් ලැබූ පාලිත ප්‍රනාන්දු මහතා රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ අධිනීතිඥවරයෙකු ලෙස කටයුතු කර 1997දි නියෝජ්‍ය Solicitor General ලෙස පත්විය. 2001දි Solicitor Generalලෙසත් පසුව 2012දී ශ්‍රී ලංකාවේ නීතිපති ලෙසත් පත්වී මෙරට නීති ක්ෂේත්‍රයට මහඟු සේවයක් කළේය. මිට අමතරව මෙතුමා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙකු ලෙසත් විවෘත විශ්ව විද්‍යාලයේ හා කොතලාවල ආරක්ෂක ඇකඩමියේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසත් කටයුතු කරයි.

 

 

 

කොමිසමේ සාමාජික

විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මැතිණිය

කොළඹ විශ්වවිද්‍යාලයෙන් සිය MBBS වෛද්‍ය උපාධිය හැදෑරු මෙතුමිය එක්සත් රාජධානියේදී FRCP උපාධියත්, නැවතත් මෙහිදී SECP උපාධියත් ඔස්ට්‍රේලියාවේදී FRACP ගෞරව උපාධියත් හිමිකරගෙන ඇත. මෙතුමිය කලින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කායික වෛද්‍ය විශේෂඥවරියක් ලෙස සේවය කර ඇත. ‘ජයග්‍රහණය’ සංවිධානයේ සභාපතිනිය වශයෙන් කටයුතු කරන අනුලා විජේසුන්දර මැතිණිය ශ්‍රී ලංකා අමධ්‍යප මහා සභාවේ නියෝජ්‍ය සභාපතිනියද වේ. එසේම ඇය ජාතික ඒකාබද්ධතා කමිටුවේ සම සභාපතිනියද වශයෙන් කටයුතු කරන්නීය.

 

 

 

 

කොමිසමේ සාමාජික

පි.ඩි. ප්‍රනාන්දු මැතිතුමා

1977 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සිය වාණිජවේදී උපාධිය ලබාගත් මෙතුමා 1989දි ස්විස්ටර්ලන්තයේ ජිනීවා හිදී GATT ප්‍රතිපත්තිය පිළිබඳව ඩිප්ලෝමාව හිමිකරගන්නා ලදී. පසුව බ්‍රසල්ස් නුවර Centre for the Study of International Relations (CERIS)ආයතනයෙන් ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳව සිය පශ්චාත් උපාධිය ලබාගත්තේය. 1998 දී ජර්මානු හා බෙල්ජියම් තානාපති කාර්යාල වල ඉහල නිලතල දරු මෙතුමා 1998 දී යුරෝපා සංගමයේ නිත්‍ය නියෝජිතයා ලෙසද කටයුතු කළේය.

2012 දී රජයේ වාණිජ ආමත්යංශයේ අධ්‍යක්ෂක ජනරාල් ලෙස පත්වූ P.D ප්‍රනාන්දු මහතා 2014දි ජාතික අපනයන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වරයා ලෙස පත් විය.

 

 

කොමිසමේ සාමාජික

ආර්.පි.එල්. වීරසිංහ මැතිතුමා

මෙතුමා ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ කලා උපාධිධාරියෙකි. විගණනය, බදුකරණය හා ආයෝජනය යන පුළුල් විෂය පථයන් සදහා ජර්මනිය, ඉන්දියාව, සිංගප්පුරුව, ජපානය ආදී රටවල වලදී පැවැත්වුණ පාඨමාලා හා සම්මන්ත්‍රණ වලට සහභාගී වී ඇති මෙතුමා එම ක්ෂේත්‍ර පිලිබඳ මනා දැනුමකින් යුතු වියතෙකි. ජනාධිපති බදු කොමිසමේ සාමාජිකයෙකි. රජයේ අදායම් බදු දෙපාර්තමේන්තුවේ වසර 35ක මහගු සේවයකින් පසු එහි Commissioner General ලෙස පත්වූ එතුමා විශ්‍රාම ගැනීමෙන් පසුවද මුදල් අමාත්‍යංශයේ බදු උපදේශකවරයෙක් ලෙස කටයුතු කළේය.

 

 

 

කොමිසමේ සාමාජික

ආචාර්ය බන්දුල පෙරේරා මැතිතුමා

මහා බ්‍රිතාන්‍යයේ Staffordshire විශ්ව විද්‍යාලයෙන් ස්වකිය විද්‍යාවේදී විශේෂ උපාධිය හැදෑරු මෙතුමා එම විශ්ව විද්‍යාලයෙන්ම ආචාර්ය උපාධිය හිමිකර ගත්තේය..රජයේ ආයතන හා මෙරට ප්‍රමුඛ සමාගම් සමුහයකම සභාපති, සාමාන්‍යධිකාරී, ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු තනතුරු දැරූ ආචාර්ය බන්දුල පෙරේරා මහතා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලයේ හිටපු විධායක කමිටු සාමාජිකයෙකි. වන මෙතුමා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති ලෙසද, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෙනරාල් ලෙසද විශිෂ්ට සේවයක් සිදු කරන කරන ලදී.

 

 

 

 

කොමිෂන් සභාවේ ලේකම්

කේ.ඒ. තිලකරත්න මැතිතුමා

සිය ප්‍රථම උපාධිය ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව විශේෂ කලා උපාධිය හැදෑරූ මෙතුමා මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් ඩිප්ලෝමා ධාරියෙකි. රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයෙකු ලෙසද, මාර්ග සංවර්ධන අධිකාරියේ අද්යක්ෂක වරයෙකු ලෙසද, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අද්යක්ෂක ජෙනරාල් ලෙසද, තරුණ කටයුතු හා නිපුනතා සංවර්ධන පිළිබඳ දෙපාර්තමේන්තුවේ ලේකම් ලෙසද මෙතුමා විවිධ ක්ෂේත්‍රවල කටයුතු කළ මෙතුමා උතුරුමැද පළාතේ ප්‍රධාන ලේකම් ලෙස සිට මෑතකදී විශ්‍රාම ගන්නා ලදී.